
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ නිල කැබ් රථය සමඟ එහි සේවය කළ 29 හැවිරිදි රියදුරකු හදිසියේ අතුරුදන්වීම පිළිබඳව වැල්ලවත්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වාර්තාවන්ට අනුව අතුරුදන්ව ඇත්තේ රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ 06, ස්ටැෆර්ඩ් පාරේ පිහිටි සංස්ථා ප්‍රධාන කාර්යාලයේ සිට සභාපතිවරයා රැගෙන ඒම සඳහා කඩවත පිහිටි ඔහුගේ නිවස බලා ගමන් කරමින් සිටියදී මොහු මෙසේ අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු පහත පරිදි වේ:
නියමිත වේලාවට කැබ් රථය නිවසට නොපැමිණීම නිසා සභාපතිවරයා රියදුරු අමතා විමසා ඇති අතර, රථයේ ඉන්ධන කාන්දුවක් පවතින බව රියදුරු එහිදී පවසා තිබේ.
එහිදී කඩවත පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට රථය පෙන්වන ලෙස සභාපතිවරයා උපදෙස් දී ඇති අතර, රියදුරු එම ස්ථානයට ගොස් රථය පරීක්ෂා කරවාගෙන ඇත. කෙසේවෙතත්, රථයේ කිසිදු දෝෂයක් නොමැති බව ගරාජයේ කාර්මිකයන් තහවුරු කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.
ඉන් පසුවද පස්වරු 4.00 වන තෙක් රියදුරු හෝ කැබ් රථය කාර්යාලයට පැමිණ නොමැත. පසුව ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තිබූ බව පැවසෙයි.
කඩදාසි සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාර සමන් ප්‍රියංකර ප්‍රනාන්දු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
අතුරුදන් වූ රියදුරු සහ කැබ් රථය සොයාගැනීම සඳහා සීසීටීවී දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන ඉදිරියට යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart