
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙළෙඳපොළේ අලෙවි වන ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයෑම සහ ඉක්මනින් දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දීපව්‍යාප්තව ආරම්භ කළ විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවල ආනයනික ළදරු ඩයපර්ස් තොග බෙදාහරින ලද ආයතන දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අංක 85 දරන විධානයට අනුකූල නොවන පරිදි, ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකර ආනයනික ළදරු ඩයපර්ස් තොග වශයෙන් බෙදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව අදාළ ඩයපර්ස් තොග නඩු භාණ්ඩ ලෙස අධිකාරියේ භාරයට ගෙන කොළඹ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
අද (2026 සැප්තැම්බර් 23) දින අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී චෝදනාවලට වරද පිළිගත් විත්තිකාර ආයතන දෙකට රුපියල් 110,000ක මුළු දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඒ අනුව දඩ නියම වූ ආයතන මෙසේය:
ග්ලෝබල් කොමඩිටි සොලූෂන් (ප්‍රයිවෙට්) ලිමිටඩ් (දෙහිවල, කැම්බල් පෙදෙස) – රුපියල් 100,000/-
හෝල්මාර්ක් ඉන්ඩස්ට්‍රි (දෙමටගොඩ, කැටවලමුල්ල පෙදෙස) – රුපියල් 10,000/-
පාරිභෝගිකයින්ට සහ වෙළෙඳුන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්:
ළදරුවන්ගේ සමට සෘජුවම ස්පර්ශ වන ඩයපර්ස් වැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී, අදාළ ඇසුරුමේ ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සහ උපරිම සිල්ලර මිල නිසි පරිදි සඳහන් කර තිබේදැයි පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, ආනයනික භාණ්ඩ මිලදී ගැනීමේදී සහ අලෙවි කිරීමේදී අදාළ නීතිමය ලේබල් තොරතුරු අඩංගුදැයි පරීක්ෂා කරන ලෙසත්, නීතිමය අවශ්‍යතාවලට අනුකූල නොවන භාණ්ඩ බෙදාහැරීම හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් අධිකාරිය වෙළෙඳුන්ට සහ බෙදාහරින්නන්ට වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart