
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර හදිසි අනතුරකින් සිය බිරිඳ, පුතා සහ මාමණ්ඩිය අහිමි වූ දිල්ලි ජාතිකයෙක්ට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලක් ගෙවීමට ප්‍රමුඛ සංචාරක නියෝජිතායතනවන තෝමස් කුක් (Thomas Cook) සහ රෙඩ් ඇපල් (Red Apple Travel) වෙත නියෝග කර තිබේ.
2019 දෙසැම්බර් මස සිදු වූ රිය අනතුරින් මියගිය කනුපුරිය සයිගල් හිටපු මාධ්‍යවේදිනියක් සහ NDTV හි ප්‍රවෘත්ති නිවේදිකාවක් වේ.
ඔවුන් ගමන්ගත් වෑන් රථය කොළඹදී කන්ටේනර් රථයක ගැටීමත් සමඟ පුත් ශ්‍රේයා සයිගල් සහ සුප්‍රසිද්ධ හින්දි සාහිත්‍යවේදියෙක්වන ගංගා ප්‍රසාද් විමල් නම් ඇයගේ පියා මියගොස් ඇත.
අනතුරින් වෑන් රථයේ රියදුරු ද ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඔහු 52 හැවිරිදි පුද්ගලයෙකි.
ඇයගේ සැමියා යෝගේෂ් සයිගල් සහ ඔවුන්ගේ දියණිය අයිශ්වර්යා සයිගල් බරපතළ තුවාල ලබා ඇත.
වසර හතරකට ආසන්න කාලයකට පසු, පාරිභෝගික ආරවුල් විසඳීමේ සංසදය, යෝගේෂ් සයිගාල්ට වන්දි ගෙවන ලෙස සංචාරක ආයතනවලට නියෝග කර තිබේ.
සයිගල් පවුල Thomas Cook සහ Red Apple Travel සමාගම් වලට එරෙහිව එම සංසදය ඉදිරියට ගොස් ඇත්තේ ඔවුන්ගේ නොසැළකිලිමත්කම, සේවාවල අඩුපාඩු, නොමඟ යවන දැන්වීම් සහ නීතිමය ක්‍රියාමාර්ගවල පිරිවැය යන හේතු මත බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව සයිගල් පවුල රුපියල් කෝටි 8.99ක අලාභයක් ඉල්ලා ඇත.
යෝගේෂ් සයිගල් අනතුරින් පසු අස්ථි බිඳීම්වලට ලක්ව ශ්‍රී ලංකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා දිල්ලියේ පැවැති තම බිරිඳගේ සහ පුතාගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට තමාට නොහැකි වූ බවද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එමෙන්ම සිය දියණියද දැඩි මානසික කම්පනයකින් පෙළෙන බව ඔහු පවසයි.
රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල සංචාරක ආයතන විසින් “ඒකාබද්ධව සහ තනිව” මාස තුනක් ඇතුළත ගෙවිය යුතු අතර, එසේ නොකළහොත් තවත් ලක්ෂ 10ක් ගෙවිය යුතු බව සංසදය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart