
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන වසරේ ජනවාරි මස13 වැනිදා ආරම්භ වන අන්තර්ජාතික ලීග් පන්දුවාර 20 තරගාවලියේ ඊයේ නිකුත් කළ දෙවැනි අදියර සදහා ගිවිසුම් ගත ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ 13 දෙනකු ද ඇතුළත්ව සිටිති.
ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම විසින් දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ සහ වනිදු හසරංග තවදුරටත් සිය සංචිතයේ රදවා ගෙන ඇත.
මුම්බායි ඉන්දියන්ස් එමිරෙට්ස් කණ්ඩායම සදහා කුසල් ජනිත් පෙරේරා සහ තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් වරම් හිමිකර නොගත් විජයකාන්ත් වියස්කාන්ත් ගිවිසුම් ගතවී ඇති බව තහවුරු කර තිබේ.
සාජා වොරියස් කණ්ඩායමට මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුසංඛ සහ කුසල් මෙන්ඩිස් ඇතුළත් වේ. මාර්ටිල් ගප්ටිල්ද එම කණ්ඩායමට එක්ව ඇත.
දසුන් ශානක,නුවන් තුෂාර,සධීර සමරවික්‍රම,දුෂ්මන්ත චමීර ද ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ඇෆ්ගනිස්තානයේ රහමනුල්ලා ගුර්බාස් මෙන්ම ඔස්ට්‍රේලියාවේ ඩෙවිඩ් වෝනර් සහ එංගලන්තයේ මාර්ක් වුඩ් ද කැපිටල්ස් සමග ගිවිසුම්ගත වි තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart