
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම ප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩලීමට අපොහොසත් වූ බව කියන ‘අකාර්යක්ෂම’ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන භාර නිලධාරීන්ට (OIC) එරෙහිව පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දීමෙන් අනතුරුව එවැනි නිලධාරීන් කිහිපදෙනෙක් වෙනත් ප්‍රදේශවලට මාරු කර ඇති බව වාර්තා වේ.
ඇතැම් පළාත්වල මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට එම ප්‍රදේශවල ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාව හේතු වී ඇති බව පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්න පසුගියදා ඇමැතිවරයාට දන්වා ඇත.
ඒ අනුව ඊට පිළිතුරු ලෙස ඇමැතිවරයා පොලිස්පතිවරයාට පවසා ඇත්තේ, එවැනි නිලධාරීන් වෙනුවට සුදුසු නිලධාරීන් යොදවන ලෙසය.
ඇතැම් නිලධාරීන්ට ක්ෂේත්‍ර රාජකාරි කිරීමට තරම් හැකියාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කර ඇත.
එවැනි නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් කිහිපයක් සිදුකර ඇති නමුත්, එය විශාල වශයෙන් සිදුකර නැති බව ඔහු සඳහන් කරයි.
එවැනි නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති වූවද, ස්ථාන මාරු කිරීමේ හැකියාවක් පවතින බව ඔහු මීට පෙර අවස්ථාවක පවසා තිබේ.
ඊට පිළියමක් ලෙස අපරාධ මැඩලීම සඳහා ක්ෂේත්රයේ සක්‍රීයව ක්‍රියා කළ හැකි ස්ථානාධිපතිවරුන් අපරාධ වැඩි ප්‍රදේශවලට යෙදවීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart