
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් නිශ්ශංක විජේසිංහ ඊයේ (20) කළුතර දී ජාතික ජන බලවේගයේ වේදිකාවට එක්ව ඇත.
කළුතර මැතිවරණ කොට්ඨාසයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැති ආසන හමුවේදී ඔහු මෙසේ වේදිකාවට එක්ව තිබේ.
එහිදී මේජර් ජෙනරාල් ජනරාල්වරයා මෙසේද සඳහන් කර ඇත.
”අපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට. ඒ නිසා අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානිවරයෙක් මීට පෙර මෙහෙම කතා කරල නෑ. මම මෙතනට ආවේ යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මට රට ගැන ඇත්තේ කණගාටුවක්, මොකද දැන් අනාගතයක් නැති රටක් වෙලා. ඒක දැක්කම මට තියෙන්නේ එකම කණගාටුවක්. අපි එදා යුද්ධය තිබ්බත් මරණය දැක දැක යුද්ධය සතුටින් කළා. අපි ජීවිත පරිත්‍යාගයෙන් කළා. ඒත් යුද්ධයෙන් පස්සේ අපි බලාපොරොත්තු වුණේ මේ වගේ රටක් නෙවෙයි. අපි බලාපොරොත්තු වුණේ සාධාරණ සමාජයක්, උසස් ආර්ථික තත්ත්වයක්, යහපත් විශ්‍රාමික ජීවිතයක්. අද ඒක උදාවෙලා නෑ.”
හිටපු නැගෙනහිර ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර, රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න ඇතුළු තවත් පිරිසක් මෙයට සහභාගී වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart