
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ සිද්ධියට නඩු පවරනු ලැබූ හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබේ.
අනතුරුව නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විත්තිකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ඇප කොන්දේසියක් පනවා තිබේ.
ඒ අනුව විත්තිකාර හිටපු ඇමැතිවරයාගේ පුත් චතුර සේනාරත්න හා සොහොයුරාගේ පුත් ගයාන් භාෂණ යන අය ඇප තබා ඇත.
2012 ජූනි 12 වැනිදා සහ 2012 අගෝස්තු 06 වැනිදා අතර කාලසීමාව තුළ ධීවර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කර වෙළෙඳපොළට විකිණීමේ කාර්යය සඳහා ‘සී වූ කම්පැනි ලිමිටඩ්’ නමැති කොරියානු සමාගම තෝරා ගැනීමටත්, ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘වැලිගොව්වා’ නමැති නෞකාව බදු පදනම මත පවරා දීමටත් අදාළ සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය වරද යටතේ විත්තිකාර රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා පත්‍රය මගින් චෝදනා 05ක් ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart