September 3, 2026

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අලුතින් එකතු වූ නයිල් හිපපොටේමස් පැටවාට නමක් යෝජනා කිරීමේ විශේෂ අවස්ථාවක් සත්වලෝලීන්ට හිමිව තිබේ.

අලුත උපන් මෙම පුංචි පැටවාට සුදුසු නමක් යෝජනා කරන ලෙස සත්වෝද්‍යාන බලධාරීන් අන්තර්ජාල පෝරමයක් (Online form) ඔස්සේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවට එක්වීමට කැමති ඕනෑම අයෙකුට අදාළ අන්තර්ජාල පෝරමය හරහා අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කර තමන් කැමති නම යෝජනා කළ හැකිය.

සත්වෝද්‍යානයට පැමිණි මෙම නවතම සාමාජිකයාට නමක් තැබීමේ ක්‍රියාවලියට මහජනතාව, විශේෂයෙන්ම සත්වලෝලීන් සක්‍රීයව සම්බන්ධ කරගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.

ඔබටත් ඔබේ යෝජනා පහත නිල අන්තර්ජාල පෝරමය (Online Form) හරහා ඉදිරිපත් කළ හැකිය:

https://forms.gle/TE1LVndMqtBMva1fA