
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට පොදු අපේක්ෂකත්වය පිරිනැමීමට ප්‍රථම, එම ධුරය සඳහා තමන් වෙත ආරාධනාවක් ලැබුණු බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සරය සලකුණු කරමින් පැවැති උත්සවයකදී අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ, ජනාධිපතිධුරය පසුපස හඹායනවාට වඩා පක්ෂයට පක්ෂපාතීව සිටීමට තමන් තීරණය කළ බවයි.
“2015 මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයෙන් ඉවත්වෙලා පොදු අපේක්ෂකයා වුණු බව ඔබ දන්නවා. ඔහුට කළින් මටයි ආරාධනා කළේ. නමුත් මම ජනාධිපතිධුරයට වඩා පක්ෂයට ආදරය කළා. මම අදටත් මේ පක්ෂයේ ඉන්නේ ඒ නිසයි” යැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන් තවදුරටත් රැඳීසිටීමට හේතුව පක්ෂය වෙනුවෙන් ඇති කැපවීම බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම අභ්‍යන්තර මතභේදවලින් බෙදීගිය කණ්ඩායම්වලට නායකත්වය දෙනවාට වඩා, එක්සත් වූ තරුණ පරම්පරාවකට පක්ෂයේ අනාගත නායකත්වය භාරදිය යුතු බවද ඔහු ඉල්ලා සිටියේය.
“තරුණයන් මේ පක්ෂය භාරගත යුතුයි කියලා මම සෑමවිටම කිව්වා. නමුත් එය තමන් අතරම රණ්ඩු වෙන කණ්ඩායමක් නොවිය යුතුයි. එක්සත් වූ තරුණ කණ්ඩායමක් පක්ෂය භාරගත යුතුයි” යැයි ඔහු පැවසීය.
අවශ්‍ය වුවහොත් තමන් දැනට හොබවන ඕනෑම තනතුරක් අතහැරීමට සූදානම් බවද නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart