September 2, 2026

නිධානයක් ගැනීමේ අරමුණින් තෙලිජ්ජවිල ප්‍රදේශයේ අවුරුදු 9 ක දරුවකු පැහැරගැනීමට තැත් කළ බව සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියෝග කර ඇත.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු හා පිරබැද්දර හුලංදාව වත්තේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් අදාල දරුවාගේ දෑස් සහ මුඛය රෙදි පටිවලින් ගැට ගසා නිවස ආසන්නයේ ඇති කැළෑවක් තුළට රැගෙන ගොස් ඇති අතර දරුවාගේ කෑගැසීම ඇසුණු ප්‍රදේශ්‍රවාසීන් පිරිසක් ඒ පිළිබද සොයා බලා පොලිසියේද සහාය ඇතිව සැකකරුවන් අල්ලා ගෙන තිබිණි.