September 2, 2026

ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ හතක් පරිත්‍යාග කර තිබේ.

ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස එම බස්රථ ප්‍රදානය කර ඇත.

මෙරටට ප්‍රදානය කරන ලද නව බස්රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදීම අමාත්‍ය බිමල් රත්නායකගේ සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමොටාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.