September 2, 2026

හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ අදාළ ස්ථානය තුළ ඔහු ගෙල වැළලාගෙන මියගොස් සිටි බවයි.

ඔහු සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැකකරන අතර, මරණයට හේතුව සහ ඒ හා සබැඳි පසුබිම අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇත.

පොලිස් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වීමට නියමිතය.