
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම දියණිය දූෂණය කළ පියකුට වසර 18කට පසුව වසර 16ක සිරදඬුවමක් යාපනය මහාධිකරණ විනිසුරු ඩී. එස්. සුසයිදාසන් විසින් පෙරේදා (31 දා) නියම කොට තිබේ.
පියා විසින් ඇයට අතවර කරන විට ඇගේ වයස අවුරුදු 14ක් වූ අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වී අදාළ වැරදිකරු වූ පියාට දඬුවම් ලැබෙන විට එම දැරියගේ වයස අවුරුදු 32ක් වී තිබිණි.
2008 වසරේ මැයි මාසයේ දිනෙක දැරියගේ මව නිවසේ නොසිටි අවස්ථාවක පියා විසින් ඇයව දූෂණය කොට ඇති අතර ඉන් පසුව පියා විසින් හොර රහසේම දැරියව වරින්වර දුෂණය කර ඇත.
දැරියගේ පන්ති භාර ගුරුවරිය සිද්ධිය දැනගැනීමෙන් පසුව ඇය මේ බව පොලිසියට දැනුම් දී ඇති අතර, එහිදී පියාව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව ඇප මත නිදහස් කොට තිබේ.
එම නඩුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට වසර 16ක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා වන්දි වශයෙන් වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසද නියෝග කොට තිබේ. එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් අදාළ සිරදඬුවම තවත් වසර තුනකින් දීර්ඝ වන බවද නඩු තීන්දුවේ සඳහන් වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart