September 2, 2026

අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගොස් තිබේ.

45 හැවිරිදි වියෙහි පසුවූ චූලා පද්මේන්ද්‍රන් පසුගිය 31 වැනිදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගන්නා ලදී.

ඇයගේ හදිසි මරණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.