
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම ලෝක වාර්තාවක් බිහි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද මීටර් 400 X 4 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම ඊයේ (19) සමත් විය.
ඔවුන් තරගය නිමා කළේ මිනිත්තු 3යි තත්ත්පර 08.8කින්ය.
ජස්ටින් රොබින්සන්, රෝසි එෆියොන්, මැතිව් බෝලිං සහ ඇලෙක්සිස් හෝම්ස් ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කළහ.
රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යයටත් ලෝක පදක්කම චෙක් ජනරජයටත් හිමි වූ අතර රටවල් දෙකෙහිම ජාතික වාර්තාවන් අලුත් විය.
දිනයේ අවාසනාවන්ත කණ්ඩායම වූයේ නෙදර්ලන්තයයි.
අවසන් අදියරේ දී ඇමෙරිකාවේ ඇලෙක්සිස් සමග කරට කර ධාවනයක නිරත වූ නෙදර්ලන්තයේ ෆෙම්කේ බෝල් තරගය නිමා කිරීමට මීටර් 10ක් තිබියදී අවාසනාවන්ත ලෙස ධාවන පථයේ ඇද වැටුණි.
එසේ නොවන්නට රන් පදක්කම සමග ලෝක වාර්තාව නෙදර්ලන්තයේ නම ඉදිරියේ ලියැවෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.
නෙදර්ලන්තයට මින්ත්තු 30ක පමණ කාලයක් තුල අහිමි වූ දෙවන පදක්කම එය වීම විශේෂත්වයකි.
මීටර් 10,000 කාන්තා ඉසව්වේ අවසන් මීටර් 300 අතිශය තියුණු වූයේ ඉතියොපියාවේ ක්‍රීඩිකාවන් තිදෙනාට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉතියෝපියානු සම්බවයක් සහිත නෙදර්ලන්ත ක්‍රීඩිකා සිෆාන් හසන් නිසාවෙනි.
අවසන් මීටර් 300 දී එතෙක් වේලා සිව්වැනි ස්ථානයට ධාවනයේ නිරත වෙමින් සිටි සිෆාන් වේගයෙන් ඉදිරියට පැමිණියාය.
නමුත් තරගය නිමා කිරීමට මීටර් 20ක් පමණ ඉතිරිව තිබිය දී අවාසනාවන්ත ලෙස ඇය බිම ඇද වැටුණි.
ඒ අනුව ඇවිදිමින් පැමිණ තරගය නිමා කළ ඇයට හිමි වූයේ 11 වැනි ස්ථානයය.
ඉසව්වේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනා ගැනීමට ඉතියෝපියානු ක්‍රීඩිකාවන් සමත් වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart