August 26, 2026

නව පත්වීම් ලැබූ තනාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් එකොළොස්දෙනෙක් ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත තම අක්තපත්‍ර පිරිනැමූහ.

මෙලෙස අක්තපත්‍ර පිරිනමන ලද නව රාජ්‍යතාන්ත්‍රිකයෝ බ්‍රසීල ෆෙඩරල් ජනරජය, බංග්ලාදේශ මහජන ජනරජය, චීන මහජන ජනරජය, ඔස්ට්‍රියා ජනරජය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් ජනරජය, ගානා ජනරජය, බෲනායි, සුඩාන ජනරජය, ගයානා ජනරජය සහ පැනමා ජනරජය යන රටවල් නියෝජනය කළහ.

ඒ අනුව, අලුතින් පත් වූ තනාපතිවරුන් වන්නේ,

– ජෝර්ජ් ජෙරාල්ඩෝ කද්‍රි – බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකාව සඳහා වන විශේෂ සහ පූර්ණ බලලත් තනාපති
– වේ හුආශියැං – චීන මහජන ජනරජයේ තනාපති
– ආචාර්ය රොබට් සිෂ්ග් – ඔස්ට්‍රියා ජනරජයේ තනාපති (නව දිල්ලිය පදනම් කරගත්)
– එරික් එස්. මේයර් – ඇමෙරිකා එක්සත් ජනපදයේ තනාපති
– ෆ්‍රැන්සිස්කෝ මැනුවෙල් කොම්ප්‍රෙස් හර්නැන්ඩෙස් – ඩොමිනිකන් ජනරජයේ තනාපති (නව දිල්ලිය පදනම් කරගත්)
– ආචාර්ය මොහොමඩ් අබ්දල්ලා අලි එල්ටොම් – සුඩාන ජනරජයේ තනාපති (නව දිල්ලිය පදනම් කරගත්)
– නූබියෙලා යානරිත් අයායිලා – පැනමා ජනරජයේ තනාපති (හැනෝයි පදනම් කරගත්)

අලුතින් පත් වූ මහකොමසාරිස්වරු වන්නේ,

– ඩී.එම්. සලාහුදීන් මහමුද් – බංග්ලාදේශ මහජන ජනරජයේ මහකොමසාරිස්
– මහාචාර්ය ක්වාසි ඔබිරි-ඩැන්සෝ – ගානා ජනරජයේ මහකොමසාරිස් (නව දිල්ලිය පදනම් කරගත්)
– සිටි අර්නිෆාරිසා එම්ඩී ජයිනි – බෲනායි ඩාරුස්සලාම් හි මහකොමසාරිස් (නව දිල්ලිය පදනම් කරගත්)
– ධරම්කුමාර් සීරජ් – ගයානා ජනරජයේ මහකොමසාරිස් (නව දිල්ලිය පදනම් කරගත්)

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.