
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
71 සන්නද්ධ අරගලය පටන්ගන්නේ නන්දා ගයනා කරපු ‘සකුරා මල් පිපිලා’ කියන ගීතය එක්ක කියල සඳහනක් අශෝක හඳගම ලියල තිබ්බ. මීට කලිනුත් ඕක මම අහල තිබ්බට හඳගමගේ සටහනින් තමයි ආයෙත් ඒක සිහියට ආවේ.
ඉතින් මට හිතුන දේ තමයි ජවිපෙ තරුණ අරගලය නන්දා එක්ක කොච්චර සංකේතීය වෙන්න ඇද්ද කියන එක. සකුරා පිපෙන්නෙ ජපානේ. ජපන් අර්ථයෙන් ජීවිතයේ අනියත බවත්, නව ඇරඹුමක් කියන එකත්, වසන්තයේ ආරම්භය කියන එකත් සකුරා මලෙන් සංකේතවත් වෙනවා. සමුරායි අර්ථයෙන් ‘ගෞරවනීය ජීවිතයක්’ කියන එකත් සකුරා සංකේතය ඇතුලේ තියෙනවා.
වැඩියෙන්ම මට නම් දැනෙන්නේ 71 කැරැල්ලේ සමුරායි අර්ථය. ඒ කියන්නේ ගෞරවනීය ජීවිතයක් කියන එක. ඒ වෙනුවෙන් සටන්කරන්න ඕනි කියන එක. නන්දාගෙත් ඒ සමුරායි ගතිය තිබ්බ.
සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ…
අපේ රටේ තණ බිස්සක එක පාරටම උදේක සකුරා පිපිලා තියනවා කියන එක පුදුමයක් වගේ දෙයක්. ඒ කියන්නේ සිදුනොවිය හැකි දෙයක් සිදුවෙලා තියනවා කියන එක. නොසිදුවිය හැකි දෙයක් කවදාවත් හිතුවේ නැති දෙයක් උදේ වෙනකොට සිද්දවෙලා තියෙනවා කියන්නේ ඇත්තෙන්ම විප්ලවයක් සිද්දවෙලා කියන එක.
ඒ නිසා ඒ සිංදුව අගේට ඒ වෙලාවේ වැඩේට ගැලපෙනවා. අදටත් ගැලපෙනවා. මොකද තවමත් විප්ලවයේ සම්පුර්ණ බවක් නැති නිසා.
‘උමතු වෙසින් මහ රෑ යාමේ’ කියන කොට මතක් වෙන්නේ රාත්‍රියේ සිද්ද වෙච්ච දිව්‍යමය උමතුව. ඒ උමතුව විසින් විශ්වය සහ එහි සංකේතනය උඩු යටිකුරු කරනවා. උදේ බලනකොට දිව්‍යමය උමතුවක ප්‍රථිපලයක් විදියට සියල්ල වෙනස් වෙලා. ඒ නිසා ඉර පායන්නේ උදේ නෙවෙයි ඇත්තටම රෑ. මිනිස්සු නැගිටලා තියෙන්නේ කලින්. ගීතයේ ඉතුරු සියල්ල අර උමතුව විසින් සිද්ද කරන ලද කණපිට ගැසීම්…
සිංදුවට මුං කොච්චර බය උනාද කිව්වොත් උංගේ කකුල් මැන්ඩලින් ගහන්න ගත්ත. සිංදුව සෑහෙන කාලෙකට ආයේ ගුවන් විදුලියේ ඇහුනේ නැහැ.
මම හිතන්නේ 78න් පස්සේ අසූව දශකයේ යූන්පී කාලෙත් ආයේ මේක ඇහුනේ නැහැ. යැංකිත් බය වෙන්න ඇති. බාබෙක්‍යු ප්‍රේමේ නම් කොහොමත් සිංදුව දැම්මේ නැහැ. ඊට පස්සේ ගැන මතකයක් නැහැ.
අදටත් ‘නිදිමත නැතිවී හිරු පායා ඇත උමතු වෙසින් මහ රෑ යාමේ’ කියන එකේ මාර ගැම්මක් තියනවා. ඒ අසම්පුර්ණ විප්ලවයක් වෙනුවෙන්….
(ආචාර්ය මහේෂ් හපුගොඩගේ ෆේස්බුක් පිටුවෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart