
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පෙරවරුවේ යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා සිය සංචාරයේදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානයේ සිඳී ගිය ජල වළවල්වලට ජලය පිරවීමේ වැඩසටහනකට ද ජනාධිපතිවරයා එක්විය.
යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පැරණිතම උද්‍යානවලින් එකක් වන අතර, අවම භූමි ප්‍රමාණයක ශ්‍රී ලංකා දිවියන් (Panthera pardus kotiya) වැඩිපුරම දැකිය හැකි ස්ථානයකි.
මේ නිසා බොහෝ විදේශීය සංචාරකයෝ යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙති.
ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් සහ සංචාරක අමාත්‍ය හෝ හරීන් ප්‍රනාන්දුද මෙම සංචාරයට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සමඟ එක්වූහ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart