
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල ඇතුගල රක්ෂිතයේ හටගත් ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙම් යුවළක් අනිද්දා (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අද (19) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (18) හටගත් ගින්නෙන් අක්කර 03 ක් පමණ විනාශ වී ඇත.
පසුව හෙළිවී ඇත්තේ මෙම යුවළ ගිනි කූරක් දල්වා අදාළ ප්‍රදේශයට දැමීමෙන් ගින්න හටගත් බවයි.
ඒ අනුව 24 හැවිරිදි පෙම්වතා සහ 20 හැවිරිදි පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මහවෙල සහ නාගොල්ලාගම පදිංචිකරුවන් වන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart