August 16, 2026

2026 අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාව සමඟ පවත්වන ලද සාමාන්‍ය නාවික සංක්‍රමණික අභ්‍යාසය (Passing exercise), චීන බලප්‍රදේශයට අයත් මුහුදු තීරයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස නිරූපණය කිරීමට බීජිං පාලනය උත්සාහ කර තිබේ.

තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු තීරයේ බලය චීනය සතුව පවතින බවට වැරදි මතයක් සමාජගත කිරීම සඳහා සිදුකළ දේශපාලන අභිප්‍රේරිත ප්‍රචාරණයක් ලෙස තායිපේ පාලනය මෙය දැඩි ලෙස හෙළා දුටුවේය.

අභ්‍යාසය අවසන් වීමෙන් පසුව ද, මෙම නාවික අභ්‍යාසය පැවැත්වුණේ චීනයේ මෙන්ම සුවිශේෂී ආර්ථික කලාපය (EEZ)” තුළ බව බීජිං පාලනය දිගින් දිගටම ප්‍රකාශ කළද, එම ප්‍රකාශය ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන්ම පටහැණි වේ.

එසේම, චීනයේ විෂම භූමිප්‍රදේශික හිමිකම් පෑමට ජකර්තා හි සහාය හිමිවන බවටද චීනය අසත්‍ය ලෙස අඟවා තිබේ.

නමුත් සැබවින්ම මෙම අභ්‍යාසය පැවැත්වූයේ විදේශීය නාවික හමුදාවන්ට නීත්‍යානුකූලව මෙහෙයුම් සහ පුහුණුවීම් සිදු කිරීමට අවසර ඇති ජාත්‍යන්තර මුහුදු තීරයේදීය.

නොබැඳි ප්‍රතිපත්තිය තදින්ම අනුගමනය කරන ඉන්දුනීසියාව, රුසියානු නාවික හමුදාව සමඟ ව්ලැඩිවොස්ටොක්හි පැවැති අභ්‍යාසයකින් පසුව පෙරළා පැමිණෙන අතරතුර සිය යුධ නෞකාවක් මෙම සංක්‍රමණික අභ්‍යාසයට එක්වූ බව පිළිගත්තේය.

එහෙත් චීනයේ භූමිප්‍රදේශික හිමිකම් පෑමට තමන් සහාය දැක්වූයේ යැයි කෙරෙන ප්‍රකාශ සියල්ල ඉන්දුනීසියාව ප්‍රතික්ෂේප කළේය.

“සංක්‍රමණික අභ්‍යාස යනු යුධ නෞකා මෙහෙයුම්වලදී නාවික මිත්‍රත්වය සහ සාගරික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පෙන්නුම් කරමින් ලොව පුරා නාවික හමුදා විසින් පවත්වනු ලබන සාමාන්‍ය සුහදතා වැඩසටහනක් පමණි,” යනුවෙන් ඉන්දුනීසියානු නාවික හමුදාවේ පළමු අද්මිරාල් තුංගුල් ප්‍රකාශ කළ බව අන්තාරා පුවත් සේවය වාර්තා කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂය අසත්‍ය තොරතුරු සහ නීතිමය විකෘති කිරීම් එකතු කරමින් මෙම මුලා කරවන ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට උත්සාහ කර ඇත.

චීනය කිසිදු දිනෙක අදාළ මුහුදු තීරයේ බලය හොබවා නොමැති අතර, තමන්ගේම අත්තනෝමතික හිමිකම් පෑම සාධාරණීකරණය කිරීම සඳහා මෙලෙස අසත්‍ය නීතිමය පදනමක් ගොඩනැගීමට බීජිං පාලනය කටයුතු කර තිබේ.