
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකා එක්සත් ජනපදයේ 17 හැවිරිදි නවයොවුන් වියේ පසුවන තරුණයකුට සිය මව සහ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, පැමිණිල්ල මෙහෙයවන පාර්ශ්වය අනාවරණය කර ඇත්තේ, ඔහු මීට පෙර සිය පවුලේ අය ඝාතනය කිරීම සම්බන්ධ ‘න්‍යායාත්මක අදහස් හෝ මනඃකල්පිත කථා’ ගවේෂණය කිරීම සඳහා ChatGPT භාවිත කර ඇති බවයි.
මැසචුසෙට්ස් හි ඇක්ටන්හි පිහිටි නිවසේදී 45 හැවිරිදි සුධා වෙන්කටේසන් නමැති සිය මව සහ 14 හැවිරිදි සිද්ධාර්ත් අරවින්ද් නමැති බාල සොහොයුරා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් අරවින්ද් (17) නමැත්තාට මනුෂ්‍ය ඝාතන චෝදනා දෙකක් ඇතුළු තවත් චෝදනා කිහිපයක් එල්ල වී තිබේ.
මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත දිස්ත්‍රික් නීතිඥ මේරියන් රයන් පැවසුවේ, අරවින්ද් නැමැත්තා මෑතකදී සිය පවුලේ අය මරාදැමීම පිළිබඳ න්‍යායාත්මක අවස්ථාවන් හෝ මනඃකල්පිත කථා සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ ChatGPT ඔස්සේ තොරතුරු සෙවීම ඇතුළු කනස්සල්ලට පත්විය හැකි හැසිරීම් පෙන්නුම් කර ඇති බව විමර්ශකයන් සොයාගෙන ඇති බවයි.
පවුලේ අයට එල්ල වන තර්ජනවලට අදාළ වන පරිදි චරිත සහ අවස්ථාවන් නිර්මාණය කරමින් ගොතික් (Gothic) ශෛලියේ මනඃකල්පිත කථා නිර්මාණය කිරීමට ඔහු ChatGPT භාවිත කර ඇති බව රයන් වැඩිදුරටත් පැවසුවාය.
අරවින්ද්ගේ පියාට සිය පවුලේ අය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම සහ සැලසුම් කළ සංචාරයක් සඳහා පැමිණි උපකාරක පන්ති ගුරුවරයෙකුට නිවසට ඇතුළු වීමට නොහැකි වීම නිසා කළ දැනුම්දීමකට අනුව පොලිසිය එම නිවස පරීක්ෂා කර ඇත.
එහිදී නිවසේ පළමු මහලේ සිටි සිද්ධාර්ත්ගේ සිරුරද, බිම් මහලේ තිබූ වෙන්කටේසන්ගේ සිරුරද පොලිසිය විසින් සොයාගන්නා ලදී.
දෙදෙනාම දැඩි තුවාල ලබා සිටි අතර, මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම වෛද්‍ය පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.
ඝාතනවලින් පසුව අරවින්ද් සිය මවගේ හොන්ඩා ඇකෝර්ඩ් රථයෙන් නිවසින් පිටව ගොස් ඇති බවට බලධාරීන් ප්‍රකාශ කරයි.
පසුදින උදෑසන අසල පිහිටි වේලන්ඩ් ප්‍රදේශයේදී අදාළ රථය තුළ සිටියදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
අධිකරණය හමුවේ පෙනීසිටි අවස්ථාවේදී අරවින්ද් වෙනුවෙන් නිවැරදිකරු බවට ප්‍රකාශයක් ඉදිරිපත් කෙරුණු අතර, ඔහුව ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart