
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විෂ මත්ද්‍රව්‍ය උවදුර සමස්ත ආර්ථික සහ සමාජ දේහයටම බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම කෙරෙහි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
මෙහිදී අනාවරණය වූ සහ තීරණය වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:
– මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන අසීමිත ධනය ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්මවලට විශාල තර්ජනයක් බැවින් මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳව බියවන සමාජයක් උදෙසා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට තීරණය විය.
– මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන අවසන් අදියරේ පවතින අතර, ඒවා කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනතේ සංශෝධන ඉක්මන් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
– පසුගිය ජූලි මාසයේදී පමණක් රසපරීක්ෂක වාර්තා 6,414 ක් නිකුත් කර ඇති අතර, වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය, බන්ධනාගාරය සහ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව අතර විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට උපදෙස් ලැබිණි.
– පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීමට ‘මිතුරු පාසල’ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර පාසල්වල දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ඉහළ ප්‍රවණතාව ගැනද විශේෂ අවධානය යොමුවිය.
එමෙන්ම, දෙමාපියන්ට තමන්ගේ දරුවන් පරීක්ෂා කිරීම සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල (Testing kits) ඖෂධ සැල් මගින් ලබා ගැනීමට ඇති හැකියාව ගැනද සාකච්ඡා කෙරිණි.
– මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255 කට අධික බව මෙහිදී අනාවරණය විය.
මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයෝ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු රැසක් එක්ව සිටියහ.
(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart