August 10, 2026

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (10) මෙම සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද පොලිසිය විසින් මෙහිදී අධිකරණයට භාරදෙන ලදී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.