
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේ සිදු වූ මිනීමැරුම් සිද්ධියකට අදාළව මරණ දඬුවම නියම වී දැනට ප්‍රදේශයෙන් පලාගොස් සිටින 38 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු සොයාගැනීම සඳහා රාගම පොලිසිය මහජන සහාය පතයි.
රාගම පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මීගමුව මහාධිකරණය විසින් අදාළ සැකකරුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.
සැකකරු අධිකරණය හමුවේ පෙනීසිටීම මගහැරීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔහු නොමැතිවම මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
අදාළ වරදකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ රාගම පොලිසිය වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි:
– ස්ථානාධිපති, රාගම පොලිසිය: 071-8591604
– ස්ථානාධිපති, අපරාධ විමර්ශන අංශය: 071-9627561
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart