
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආදීවාසී ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වන විට වඳවී යාමේ අවදානමකට ලක්ව ඇති බවත්, රජයක් මෙන්ම සමස්ත සමාජයක් ලෙසත් මේ පිළිබඳව සංවේදීව සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ අගෝස්තු 09 වැනි දිනට යෙදුණු ‘ලෝක ආදිවාසී දිනය – 2026’ වෙනුවෙන් දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැති ප්‍රධාන සැමරුම් උත්සවයට එක්වෙමිනි.
මෙවර ලෝක ආදිවාසී දිනය ‘ආදිවාසී පාරම්පරික වින්නඹු මාතාවන්ට ගරුකිරීම : ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම’ යන තේමාව යටතේ පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සංවර්ධනය යනු ආදිවාසී ජනතාවගේ පාරම්පරික උරුමය විනාශ කිරීම නොවන බවයි.
එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට අනුකූලව යමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක් බවද ඇය මෙහිදී අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart