August 1, 2026

ලෝක වෙළඳ ගැටුම්, දේශීය බදු පීඩනය සහ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය නැවතත් දැඩි පරීක්ෂාවකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එය රටේ තරගකාරීත්වයට තර්ජනයක් වී ඇති බව ද හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරයෙකු ද වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේය.

වෙනස් වන ජාත්‍යන්තර සබඳතා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මග පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පවතින වාසි ආරක්ෂා කරගන්නා අතරම වඩාත් අභියෝගාත්මක ගෝලීය පරිසරයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් විය යුතු බවයි.

ඒ සඳහා වත්මන් රජය සතුව නිවැරදි දැක්මක් තිබිය යුතු අතර ප්‍රායෝගික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.