
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව පළාත් සභා මැතිවරණය ‘මේ අවුරුද්ද ඇතුළත’ නැත්නම් ‘ඉක්මනින්ම’ තියනවා කිව්වා මිසක් තාම ස්ථිර දිනයක් දීලා නැති වුණාට, උතුරේ දේශපාලන කරළියේ දැන් ඉඳන්ම මහඇමති අපේක්ෂකයා කවුද කියන එක ගැන ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
මෙවර මහඇමති පුටුව වෙනුවෙන් ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයක ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්, ප්‍රමුඛ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක්ම පෙළගැසෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
හැබැයි මේ හැමෝටම වඩා කැපීපෙනෙන අලුත් බලාපොරොත්තුකාරයෙක් වෙලා තියෙන්නේ උතුරු පළාතේම සේවය කරලා, උසස්වීම් නොලබාම විශ්‍රාම ගිය හිටපු මහාධිකරණ විනිසුරුවරයෙක්. තමන්ට ඉහළ අධිකරණයට උසස්වීමක් නොලැබුණේ තමන්ට එරෙහිව සිදුවූ කුමන්ත්‍රණයක් නිසා සහ තමන් ආණ්ඩුවේ ‘හොඳ පොතේ’ නොසිටි නිසා බවයි ඔහු නිතරම කියන්නේ.
දැන් ප්‍රසිද්ධ උත්සවවල කැපීපෙනෙන කථිකයෙක් වී සිටින මෙම හිටපු විනිසුරුවරයා, පසුගියදා කොළඹ පැවැති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ද සහභාගී වුණා. එහිදී උත්සවයට පැමිණි විශ්‍රාමිකයකු තම මිතුරාගෙන් අසා සිටියේ ඉදිරි මැතිවරණයේදී මේ හිටපු විනිසුරුවරයාට දිනන්න චාන්ස් එකක් තියෙයිද යන්නයි.
ඊට ක්ෂණික පිළිතුරක් දුන් මිතුරා පැවසුවේ, “අනේ මන්දා, උතුරේ ජනතාවට මීට කළින් පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගෙන්ම (මහ ඇමතිවරයාගෙන්) ලැබුණු පාඩම හොඳටම ඇති… ආයේ නම් විනිසුරුවරුන්ට රැවටෙන එකක් නැහැ” යනුවෙනි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart