
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලනඥයන්ගේ තරාතිරම, පක්ෂ පාට භේද ඔක්කොම අමතක වෙලා එක තැනකට එකතු වෙන තැන් දෙකක් තියෙනවා. එකක් මළගෙවල්, අනෙක මඟුල් ගෙවල්. පසුගියදා පැවැත්වුණු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුෂ පැල්පිටගේ දියණියගේ විවාහ මංගල උත්සවයත් අන්න ඒ වගේ දේශපාලන බලවතුන්ගෙන් පිරීගිය අපූරු තැනක් වුණා.
මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් රැසක් සහභාගී වී සිටියා.
මෙම සාදය අතරතුර රටේ වත්මන් මාතෘකා කිහිපයක් ගැනම සාකච්ඡා වුණු අතර, මෑතකදී ගැසට් කරන ලද සත්ව සුභසාධන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද අවධානය යොමුවෙලා තියෙනවා. එළඹෙන ඇසළ මහා පෙරහැර සහ අනෙකුත් පාරම්පරික සංස්කෘතික උත්සව සඳහා අලි ඇතුන් ලබාගැනීමට මෙමගින් බාධා එල්ල වේ යැයි යන බිය පිළිබඳව එහි සිටි අය කතාබහ කළා.
එහිදී තවත් අයෙකු විහිළුවට මෙන් රනිල් වික්‍රමසිංහගෙන් අසා සිටියේ, අලි ඇතුන්ට දම්වැල් දැමීම නැවැත්වීමට ඔහුගේ මිතුරා (ජනාධිපති අනුර දිසානායක) ලවා මෙවැනි නීතියක් සම්මත කරගත්තාද යන්නයි.
ඊට ක්ෂණිකව හාස්‍යජනක පිළිතුරක් දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, “දම්වැල් නෙවෙයි, දැන් එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් අයට වැටෙන්නේ මාංචු” යනුවෙනි. රනිල්ගේ ඒ කතාවත් එක්ක එතැන සිටි පිරිස අතර ලොකු සිනා රැල්ලක් ඇති වුණු බවයි ආරංචි මාර්ග පවසන්නේ!


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart