
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධියකට අදාළව වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කර ඇති ඇපැල් පෙත්සම විභාග කරන අභියාචනාධිකරණය, අදාළ තරුණයා පැහැරගැනීමේ CCTV දර්ශන අධිකරණය හමුවේ ප්‍රචාරය කිරීමට (ධාවනය කිරීමට) නීතිපතිවරයාට අවසර ලබාදී ඇත.
2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන යෑම, පහරදීම සහ රඳවා තබාගැනීම යන චෝදනාවලට වරදකාරිය වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය මගින් මෙලෙස සිරදඬුවම් නියම කෙරිණි.
අදාළ CCTV දර්ශන අධිකරණය හමුවේ ධාවනය කිරීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක සුසන්ත බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව, එම පටිගත කිරීම් ධාවනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඊළඟ නඩු වාරය වන සැප්තැම්බර් 23 වැනිදා සපයන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කෙරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ කැඳවන ලදී.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart