
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්මලාන, ඥානේන්ද්ර පාර ප්රදේශයේ නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගෝස්තු 05 වැනිදා අලුයම් කාලයේදී රත්මලාන, ඥානේන්ද්ර පාර ප්රදේශයේ දෙමහල් නිවසකට අත්බෝම්බ දෙකක් එල්ල කර ඇති අතර, ඉන් එක් අත්බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර අනෙක් අත්බෝම්බය නිවසේ ගෙවත්තේ වැටී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ගල්කිස්ස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) පස්වරු 5.30ට පමණ රත්මලාන, වෙඩිකන්ද පාර ප්රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මොරටුව ප්රදේශයේ සිදුකළ වැඩිදුර මෙහෙයුමකදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 26, 28 සහ 30 යන වයස්වල පසුවන මොරටුව හා රත්මලාන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මෙම ප්රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, නිවසේ ජනෙල් පියන් දෙකක වීදුරු හානි වී තිබේ.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම ප්රහාරය සිදුකර ඇති බවත්, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් ප්රහාරයට හේතුවී ඇති බවත් මෙතෙක් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, ප්රහාරය මෙහෙයවූ බවට සැක කෙරෙන විදේශගත සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart