
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අරගලය පැවැති සමයේ හමුදාව සහ පොලීසිය යොදවා දහස් ගණනක් ඝාතනය කරමින් බලයේ රැඳී සිටීමට තමන්ට ද හැකියාව තිබූ නමුත් ජනතාවගේ පැත්තේ සිටගනිමින් යථාර්ථයට මුහුණ දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, රටේ තරුණයන් සමාජ ව්‍යසනයකින් මුදවාගැනීම සඳහා එදා අඩියක් පස්සට තැබීම නිවටකමක් ලෙස ආණ්ඩුව හෝ ඊට සම්බන්ධ පිරිස් සිතන්නේ නම් එය ඔවුන් කරගන්නා විශාල වැරදීමක් බවයි. එදා තමන් ඒ ආකාරයෙන් කටයුතු කළා නම් අද වන විට තමන්ට මෙලෙස ජනතාව අතර සිටීමට පවා නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
හිරගෙවල්වල ඇති වූ නොසන්සුන්තාවයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ, රටේ ඕනෑම සිදුවීමක් වූ වහාම එය “නාමල්ගේ වැඩක්” හෝ “විපක්ෂයේ වැඩක්” ලෙස හමුදවාලීමට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා උත්සාහ කරන බවයි.
“මේක ෂුවර් එකටම නාමලයාගේ වැඩක් කියනවා. ආණ්ඩුවට මාව පොරක් වගේ පේනවාද දන්නේ නැහැ නේද?” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුවට එරෙහිව නැගී සිටින විපක්ෂයේ දේශපාලන බලවේග, සිවිල් හා ස්වේච්ඡා සංවිධාන මෙන්ම මහා සංඝරත්නය පවා මර්දනය කරමින් ජනහඬ යටපත් කිරීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කළේය.
එසේම ජනතාවට දුන් අසීමිත පොරොන්දු දිනෙන් දින බිඳ දමමින්, ජනතාව ලබාදුන් ජනවරම අවතක්සේරු කරමින් රට ඒකාධිපති පාලනයක් දෙසට ගෙන යෑමට ආණ්ඩුව උත්සාහ කරන බව ද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart