
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවේ ඇමතිවරු තමන්ගේ නිල නිවාස පාවිච්චි කරන්නේ නැහැ කියපු තීරණය මත හිස්වුණු කොළඹ තියෙන වටිනා රාජ්‍ය බංගලා ටිකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ආණ්ඩුව වැඩ පටන් අරන්. ඒ අනුව කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ රාජ්‍ය බංගලා 7ක් රටේ ආර්ථිකයට වැඩදායී ලෙස යොදාගන්න පෞද්ගලික අංශයෙන් යෝජනා කැඳවන්න මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස පළමු අදියර යටතේ බදු දීමට නියමිත බංගලා 7 අතර හිටපු බලවතුන් පාවිච්චි කරපු තැනුත් තියෙනවා:
– ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කළ B20 බංගලාව
– මෛත්‍රීපාල සිරිසේන සහ පසුව රනිල් වික්‍රමසිංහ පාවිච්චි කළ පාජෙට් පාරේ C61 සහ C62 බංගලා
– හිටපු ඇමති රමේෂ් පතිරණ පාවිච්චි කළ සිටි ස්ටැන්මෝ ක්‍රෙසන්ට් හි B13 බංගලාව
– හිටපු ඇමති දුමින්ද දිසානායක පාවිච්චි කළ සිටි ස්කෙල්ටන් පාරේ E01 බංගලාව
– හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පාවිච්චි කළ E02 බංගලාව
– ජනාධිපති ආරක්ෂක අංශය පාවිච්චි කළ B14 බංගලාව
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මුළු බංගලා 24කින් 7ක් මෙසේ අවුරුදු 30ක කාලයකට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ උසස් පෙළේ රෙස්ටෝරන්ට්, බුටික් හෝටල්, කැෆේ සහ ව්‍යාපාරික ස්ථාන බවට පත්කිරීමට නියමිතයි.
මේ සඳහා යෝජනා බාරදීමේ අවසාන දිනය අගෝස්තු 25 වනදා පස්වරු 2.00 ලෙස දක්වා ඇති අතර වැඩි විස්තර භාණ්ඩාගාර වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. බලමුකෝ ඉතින්, ඉස්සර ඇමතිවරු සැප ගත්ත මේ බංගලාවල ඊළඟට ඇරෙන්නේ කොෆී ෂොප්ද, නැත්නම් සුපිරි රෙස්ටෝරන්ට්ද කියලා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart