
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන ප්‍රශ්න හිරවේගෙන එද්දී අපේ අයට නිතරම මතක් වන තැනක් තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, මහනුවර මල්වත්ත සහ අස්ගිරි මහා විහාර දෙක. මෙදා පාරත් නීතිඥ සංගමයයි, ආණ්ඩුවයි අතර අලුත් තරගයක් පටන් අරන් තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න හදන යෝජනාව මුල්කර ගෙන.
වැඩේ තද වේගෙන එද්දී, ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්න කියල අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරයි, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සයි මෙන්න සතියේ පසුගිය මහනුවරට දුවලා තියෙනවා. ඔවුන් හැබැයි අස්ගිරියේ සහ මල්වත්තේ මහා නායක හිමිවරුන් හමුවෙන්න කලින්, නීතිඥ සංගමයේ නියෝජිත පිරිසකුත් මහා නායක හිමිවරුන් හමුවෙලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ ඇයි කියලා කළින්ම උන්නාන්සේලාගේ කණේ තියලා ඇවිත් තියෙනවා.
මහනුවරින් ගමන නතර වුණේ නැහැ. ඇමතිවරු දෙන්නා ඊළඟට කෙළින්ම ගියේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවෙන්න. ආණ්ඩුවේ පැත්ත පැහැදිලි කරලා ඇමතිවරු දෙන්නා එළියට බහිනකොටම වගේ, නීතිඥ සංගමයේ කට්ටියත් කාදිනල් හිමියන් හමුවෙන්න ඇතුළට රිංගලා.
දැන් අලුත්ම ආරංචිය තමයි, ජනාධිපති අනුර කුමාර දිසානායකත් මේ මාසේ ඇතුළත මහානායක හිමිවරුන් හමුවීමට නුවර යන්න ලෑස්ති වෙනවා කියන එක. ඒ ගමනේදීත් මේ විනිසුරන්ගේ වයස වැඩිකරන ප්රශ්නය ගැන මහානායක හිමිවරුන් එක්ක දීර්ඝ ලෙස කතාබහ කෙරෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. බලමුකෝ ඉතින්, නායක හිමිවරුන්ගේ ආශීර්වාදය හිමිවෙන්නේ ආණ්ඩුවටද, නැත්නම් නීතිඥ සංගමයටද කියලා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සෙට් එකකුත් ඊයේ මහනුවරට ගිහින් මහානායක උන්නාන්සේලා මුණගැහිලා මේ ගැන එයාලගේ බය ගැන කියලා තියෙනවා.
ඒ ගැන විස්තරයක් ceylonwire.lk වෙනම නිව්ස් එකක් විදිහට පලකරලා තියෙනවා. ඒකත් බලන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart