
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ බාල මට්ටමේ ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ (Trident Chemphar) ගල්අඟුරු ගනුදෙනුව හේතුවෙන් මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ලංකා විදුලි ජනන පෞද්ගලික සමාගමට (EGL) රුපියල් බිලියන 5.68 ක සෘජු මූල්‍ය පාඩුවක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව The Sunday Times පුවත්පත අනාවරණය කරයි.
එම වාර්තාව වැඩිදුරටත් මෙසේය:
අඩු තත්ත්වයේ ගල්අඟුරු දහනය කිරීම නිසා ඇතිවූ විදුලි හිඟය වෙනත් බලශක්ති ප්‍රභවයන් මගින් පියවා ගැනීමට ගිය පිරිවැය මෙයට ඇතුළත් කර නොමැත.
ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම වන EGL මෙම පාඩුව ගණනය කර ඇත්තේ මෙම වසරේ මාර්තු 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ සටහන් වූ මෙහෙයුම් දත්ත පදනම් කරගනිමිනි.
‘සාමාන්‍ය මෙහෙයුම් කොන්දේසි යටතේ පැවැති ඓතිහාසික සාමාන්‍ය ගල්අඟුරු පරිභෝජන අනුපාතයට වඩා වැඩි විශේෂිත ගල්අඟුරු පරිභෝජන අනුපාතයක් පැවතීම නිසා සිදු වූ අතිරේක ගල්අඟුරු පරිභෝජනය හේතුවෙන් ඇති වූ මූල්‍ය පාඩුව පමණක් මෙම ඇස්තමේන්තුවේදී සලකා බලා ඇත’ යනුවෙන් යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්ෂේත්රීය අධීක්ෂණ කාරක සභාවට (SOC) මේ සතියේ බාරදුන් වාර්තාවක සඳහන් වේ.
‘විදුලි හිඟය පියවා ගැනීම සඳහා භාවිත කරන ලද නිශ්චිත බලශක්ති ප්‍රභවයන් මොනවාදැයි නොදන්නා බැවින්, විකල්ප ජනන ප්‍රභවයන් හරහා විදුලි හිඟය පියවා ගැනීමට අදාළ මූල්‍ය බලපෑම මෙම ඇස්තමේන්තුවට ඇතුළත් කර නොමැත’ යනුවෙන් ද එහි සඳහන් වේ.
බාල තත්ත්වයේ ගල්අඟුරු භාවිතය නිසා 2026 ජූනි 30 දක්වා කාලය තුළ විදුලි බලාගාරයට සහ උපකරණවලට සිදු වූ අසාමාන්‍ය ක්ෂය වීම් සහ අලාභහානි සඳහා වැය වූ ඇස්තමේන්තුගත පිරිවැය ඉදිරිපත් කරන ලෙස ද ක්ෂේත්රීය අධීක්ෂණ කාරක සභාව EGL වෙත උපදෙස් දී තිබිණි. එහෙත් EGL පැවසුවේ “දැනට එවැනි අසාමාන්‍ය ක්ෂය වීමක් හෝ අලාභහානියක් සිදු වූ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති” බැවින් එම සංඛ්‍යාලේඛන ඇස්තමේන්තු කර නොමැති බවයි.
කෙසේවෙතත්, මෙම මාස හතරක කාලය තුළ ‘සාමාන්‍ය නඩත්තු පිරිවැය” ලෙස රුපියල් මිලියන 1.33 ක් වැය වී ඇති අතර, එය “බාල තත්ත්වයේ ගල්අඟුරු භාවිතය නිසා සිදු වන්නට ඇති” බව සඳහන් වේ. ගල්අඟුරු අඹරන යන්ත්‍ර (coal mill) නඩත්තුව, අමු ගල්අඟුරු සහ පයිරයිට් (ඇඹරීමට නොහැකි තරම් තද, බරැති ඛනිජ අපද්‍රව්‍ය) ඉවත්කිරීම සහ ගල්අඟුරු හිරවීම් සුද්ධ පවිත්‍ර කිරීම මෙයට ඇතුළත් විය.
ලංකා ගල්අඟුරු සමාගම (LCC) විසින් ට්‍රයිඩන්ට් කෙම්ෆාර් සමාගම වෙත කොපමණ මුදලක් ගෙවා ඇත්දැයි වාර්තාවේ සඳහන් නොවන අතර, සැපයුම්කරුගේ ඇමරිකානු ඩොලර් මිලියන 14.75 ක් (රුපියල් බිලියන 4 ක්) වූ කාර්යසාධන ඇපකරය (Performance bond) රාජසන්තක කළ බව EGL විසින් කාරක සභාවට දැනුම් දී ඇත.
කාර්යසාධන ඇපකරයක් යනු සැපයුම්කරුවෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු ගිවිසුම්ගතව ව්‍යාපෘතියක් සම්පූර්ණ කරන බවට හෝ භාණ්ඩ ලබා දෙන බවට බැංකුවක් හෝ රක්ෂණ සමාගමක් මගින් ලබා දෙන මූල්‍ය ඇපකරයකි. එය ඉටුකිරීමට අපොහොසත් වුවහොත්, පාඩුව පියවා ගැනීමට හෝ ගැටලු නිරාකරණය කර ගැනීමට එම ඇපකරයෙන් මුදල් අයකර ගැනීමට මිලදී ගන්නා පාර්ශ්වයට හිමිකම ලැබේ.
“2026 අගෝස්තු 03 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා මහබැංකුවේ ගැණුම් අනුපාතය අනුව පරිවර්තනය කළ ඇමරිකානු ඩොලර් 51,271,390.14 ක් (ශ්‍රී ලංකා රුපියල් 16,977,767,155.43 කට සමාන) මුදලක් අප විසින් මුළුමනින්ම අයකර ගෙන ඇත. යොමු සාම්පල පරීක්ෂා කිරීම නිසා සිදුවන නැවත ගෙවීම් වැනි ගිවිසුම්ගත අවශ්‍යතාවලට අනුව මෙය ඉදිරියේදී නැවත සකස් කිරීමට යටත් වේ” යනුවෙන් EGL විසින් ක්ෂේත්රීය අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
2025-26 ටෙන්ඩර් කොන්දේසි යටතේ, නැව්ගත කිරීමෙන්/පටවා ගැනීමෙන් පසුව, නැව් බඩු ලේඛන ප්‍රමාණය (Bill of Lading quantity), පැටවූ වරායේ ගුණාත්මක වාර්තා සහ අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම මත පදනම්ව මුළු මුදලින් සියයට 80ක් සැපයුම්කරු වෙත ගෙවීමට LCC එකඟ වී තිබිණි. ඉතිරි සියයට 20 ගෙවීමට නියමිතව තිබුණේ ගල්අඟුරු පුත්තලමෙන් බාගැනීමෙන් පසුව, එහි අවසාන ප්‍රමාණය සහ ගුණාත්මකභාවය තහවුරු වූ පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart