
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Facebook, Messenger, Instagram සහ WhatsApp යන Meta සමාජ මාධ්‍ය ජාලයන් උපයෝගී කරගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව ඇත.
මෙම අන්තර්ජාල කප්පම් ජාවාරම ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වී ඇති අතර, මෙරට පරිශීලකයන් රැසක් මීට ගොදුරු වී ඇති බව වාර්තා වේ.
ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන ආකාරය මෙසේය:
පළමු පියවර වන්නේ, මිතුරු ලැයිස්තුව අධ්‍යයනය කිරීමයි. එහිදී වංචනිකයන් අදාළ පුද්ගලයා ඉලක්ක කරගැනීමට ප්‍රථම, එම පුද්ගලයාගේ සහෝදර සහෝදරියන්, ඥාතීන් සහ ලඟම හිතවතුන් සොයාගෙන ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් තමන්ගේ මිතුරු ලැයිස්තුවලට එකතු කරගැනීමට කටයුතු කරයි.
දෙවැනි පියවර ලෙස ‘Hi’ පණිවිඩයෙන් ආරම්භය වේ. ප්‍රථමයෙන් Instagram ඔස්සේ සුරූපී තරුණියකගේ ඡායාරූපයක් සහිත ව්‍යාජ ගිණුමකින් ‘Hi’ යනුවෙන් කෙටි පණිවුඩයක් යොමුකරයි.
තෙවැනි පියවර ලෙස නිරුවත් දර්ශන ලබා ගැනීම සිදුවේ. එම පණිවිඩයට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් සමඟ දින කිහිපයකට පසු නැවත සංවාදයට එළඹෙන ජාවාරම්කරුවන්, තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යොමු කරමින් අනෙක් පාර්ශවය ද නිරුවත් ඡායාරූප එවීමට හෝ WhatsApp වීඩියෝ ඇමතුම් හරහා ස්වයං වින්දනයේ යෙදෙන දර්ශන ලබාගැනීමට පොළඹවා ගනියි.
අනතුරුව කප්පම් ඉල්ලීම සහ තර්ජනය කිරීම සිදුවේ. එම නිරුවත් වීඩියෝ සහ ඡායාරූප Screen Record කරගන්නා ජාවාරම්කරුවන්, ඒවා අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට, ඥාතීන්ට සහ මිතුරන්ට යවන බවට තර්ජනය කරමින් විශාල වශයෙන් මුදල් (කප්පම්) ඉල්ලා සිටියි.
නොහඳුනන ගිණුම්වලින් හෝ අංකවලින් ලැබෙන කෙටි පණිවිඩ, මිතුරු ඇරයුම් (Friend Requests) සහ වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙසත්, ආගන්තුක පුද්ගලයන් සමඟ කැමරාව ඉදිරියේ පෞද්ගලික දර්ශන හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart