
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට පෙර ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩකයින් තේරීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ ප්රධාන පිතිකරුවන් වන පැතුම් නිශ්ශංකගේ සහ කුසල් මෙන්ඩිස්ගේ ආබාධ හේතුවෙනි.
දෙදෙනාම දැනට යථාතත්වයට පත්වෙමින් සිටින අතර, දෙවැනි ටෙස්ට් තරගයට හෝ ක්රීඩා කිරීමට උත්සාහ කරමින් සිටිති.
කෙසේවෙතත්, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ආරංචි මාර්ගවලට අනුව ඔවුන් දෙවැනි තරගයට ද ක්රීඩා කිරීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතී.
පැතුම් නිශ්ශංකට පළමු ටෙස්ට් තරගය අහිමි වන බවටත්, කුසල් මෙන්ඩිස්ගේ ආබාධය හේතුවෙන් ඔහුට සමස්ත තරගාවලියම අහිමි වීමේ අවදානමක් පවතින බවටත් මීට පෙර වාර්තා පළවිය.
ඒ අනුව, පැතුම් නිශ්ශංක වෙනුවට ඉනිම ආරම්භ කිරීම සඳහා වැඩිම ඉඩකඩක් ඇත්තේ නිෂාන් මධුෂ්කට ය. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තෙදින පුහුණු තරගයේදී ලකුණු 66 ක් රැස්කරමින් ඔහු සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.
කුසල් මෙන්ඩිස් නොමැති වීම හමුවේ කඩුලු රකින්නාගේ භූමිකාව සඳහා සුදුස්සකු තෝරා ගැනීම ශ්රී ලංකා පිලට සංකීර්ණ ගැටලුවක් වී ඇත.
ඒ සඳහා සධීර සමරවික්රම, අංජන බණ්ඩාර සහ නිරෝෂන් දික්වැල්ල ප්රධාන විකල්ප ලෙස සැලකේ.
මීට අමතරව ලහිරු උදාර හෝ දිනේෂ් චන්දිමාල් ද කඩුලු රැකීමේ විකල්ප ලෙස යොදාගැනීමට හැකියාව පැවතියද, ඔවුන්ගේ පිතිකරණ භූමිකාවන් හේතුවෙන් ඊට ඇති ඉඩකඩ අඩුය.
තරග කාලසටහන
– පළමු ටෙස්ට් තරගය: අගෝස්තු 15 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වේ
– දෙවැනි ටෙස්ට් තරගය: අගෝස්තු 23 වැනිදා කොළඹ SSC ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය
(Newswire.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart