
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දෙසට වන අලියකු ලඟා වන අවස්ථාවකදී, එම පුද්ගලයාට ආරක්ෂාව සැලසීම සඳහා තම ලොරි රථය මැදි කරමින් සහාය වූ රියදුරෙකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගනිමින් පවතී.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, පුද්ගලයකු පාර අයිනේ ගමන් කරමින් සිටියදී වන අලියකු පසුපසින් ඔහු දෙසට පැමිණෙන ආකාරයයි.
එම අවස්ථාවේදී එම මාර්ගයේ ධාවනය වූ ලොරි රථයේ රියදුරා වහාම රථයේ වේගය අඩුකර, වන අලියා සහ පාරේ ගමන් කළ පුද්ගලයා අතරට ලොරි රථය ස්ථානගත කිරීමට කටයුතු කරයි.
වන අලියා අදාළ පුද්ගලයා වෙත තවදුරටත් ළඟාවීම වැළැක්වෙන පරිදි ලොරි රථය ආවරණයක් ලෙස යොදාගැනිණි.
තත්පර ගණනක් ඇතුළත රියදුරා ගත් මෙම බුද්ධිමත් හා පරාර්ථකාමී තීරණය හේතුවෙන් විය හැකිව තිබූ විශාල අනතුරක් වැළකී ගිය බව පවසමින් බොහෝදෙනා එම රියදුරාට සිය ප්‍රශංසාව පළකරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart