August 8, 2026

2022 වර්ෂයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල (රු. 220/-) ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 225/- බැගින් සටහන් කර අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීම මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය කළ පොළොන්නරුවේ ‘නිව් රත්න සහල් පුද්ගලික සමාගම’ සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවට අදාළව අධිකරණය විසින් තීන්දුක් ලබා දී ඇත.

පසුගිය අගෝස්තු 06 වැනි මෙම නඩුව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, එහිදී ලබාදුන් තීන්දුව අනුව විත්තිකාර නිව් රත්න සහල් පෞද්ගලික සමාගම අදාළ චෝදනාවට වරදකරු කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දඩ මුදලක් නියම කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.