
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාපීය භූ-දේශපාලනික වාතාවරණයේ සිදුවන වෙනස්වීම් හමුවේ සිය උපායමාර්ගික යටිතල පහසුකම් ප්‍රබල කිරීමේ පියවරක් ලෙස, චීනය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලට මායිම්ව පිහිටි සීමාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම සඳහා ඉන්දියානු රුපියල් බිලියන 450ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7ක) දැවැන්ත ආයෝජනයක් කිරීමට ඉන්දියානු රජය සැරසෙන බව වාර්තා වේ.
ඉදිරි මාස 18ත් 24ත් අතර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම අභිලාෂකාමී ව්‍යාපෘතිය යටතේ පංජාබ්, බටහිර බෙංගාලය, හිමාචල් ප්‍රදේශ්, රාජස්ථාන්, අසාම් ඇතුළු ඊසානදිග ප්‍රාන්ත කිහිපයකම නව දුම්රිය මාර්ග ඉදි කිරීම, දුම්රිය ස්ථාන වේදිකා වැඩිදියුණු කිරීම සහ දුම්රිය ජාලයන් බලගැන්වීම සිදු කිරීමට නියමිතය. මෙම සංවේදී හා රහසිගත සාකච්ඡා පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම තොරතුරු තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.
සීමාසන්න ප්‍රාන්ත ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම විශේෂ දුම්රිය සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති මුදල, ඉදිරි වසර දෙක තුළ ඉන්දියාවේ සමස්ත දුම්රිය යටිතල පහසුකම් සඳහා වෙන් කිරීමට නියමිත මුළු ප්‍රතිපාදනවලින් 22%ක් තරම් ඉහළ අගයක් ගනී. මෙමගින් අදාළ ආරක්ෂක සහ ප්‍රවාහන යටිතල පහසුකම් නැංවීම සඳහා ඉන්දියාව ලබාදී ඇති ඉහළ ප්‍රමුඛතාවය මනාව පැහැදිලි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart