
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 සහ 2025 කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්ෂික සිගරට් පරිභෝජනය 53.1%කින් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවත්, එම කාලය තුළ සිගරට් සහ දුම්කොළ සඳහා වන සුරාබදු මඟින් රජය ලැබූ ආදායම රුපියල් බිලියන 81 සිට රුපියල් බිලියන 102.7 දක්වා ඉහළ ගොස් ඇති බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2015දී බිලියන 4.1ක් ලෙස පැවැති සිගරට් අලෙවිය 2025 වන විට සිගරට් කූරු බිලියන 1.923 දක්වා අඩුවී ඇති බවයි.
දුම්පානය අඩුකිරීමට සහ රජයේ ආදායම වර්ධනය කරගැනීමට බදු පැනවීමේ ප්‍රතිපත්තිය ඉතා සාර්ථක වී ඇති බව මෙයින් පැහැදිලි වන බවද ඔහු පැවසීය.
වක්‍ර බදු සහ සෞඛ්‍ය ප්‍රවර්ධන ගාස්තු ඇතුළුව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලින් ලැබුණු සමස්ත බදු ආදායම 2025 වසරේදී රුපියල් බිලියන 157ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්කොළ භාවිතය නිසා ඇතිවන ආර්ථික හා සෞඛ්‍යමය පිරිවැය රජය විසින් පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයනයන්ගේ ක්‍රමවේදවල පවතින වෙනස්කම් නිසා තනි නිල තක්සේරුවක් තවම ලබාගෙන නොමැත.
‘Global Adult Tobacco Survey Sri Lanka 2020’ වාර්තාවට අනුව 2019 වසරේදී දුම්පානය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 24,461කි.
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) ‘Annual Trend Survey on Tobacco Use in Sri Lanka 2024’ වාර්තාවට අනුව වාර්ෂිකව දුම්පානය නිසා මරණ 18,250ක් පමණ සිදු වේ.
දුම්කොළ පාලන නීති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දුම්කොළ බදු පනතට අදාළ සංශෝධන මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart