August 6, 2026

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට ජනපති අනුර කුමාර දිසානායක විසින් විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දුව පත්කරනු ලැබ තිබේ.

සුරංග ප්‍රනාන්දු ආණ්ඩුකාර ධුරයේ දිව්රුම් දෙමින් අදාළ පත්වීම අද (05) පස්වරුවේ ජනපති අනුර කුමාර දිසානායක අතින් ලබා ගෙන ඇත.

මහනුවර ධර්මරාජ විද්‍යායේ ආදි සිසුවකු වන සුරංග ප්‍රනාන්දු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

ආණ්ඩුකාර ධුරයට පත්වන විට සුරංග ප්‍රනාන්දු මහනුවර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටියේය.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් වෘත්තිය සහ පාරසරික සෞඛ්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධිතව පර්යේෂණ කටයුතු වල නිරතව ඇති සුරංග ප්‍රනාන්දු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ උපදේශකවරයකු ලෙසද සේවය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ මහාචාර්ය සරත් අභයකෝන් පසුගිය 21 දින ඉල්ලා අස්වීම නිසා සති දෙකක පමණ කාලයක් එම ධුරය පුරප්පාඩු වී පැවැතිණි.