
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයට බලපා ඇති නවතම ගෑස් හිඟය සාමාන්‍ය බලශක්ති සැපයුම් ගැටලුවකට එහා යමින්, එරට කාර්මික නිෂ්පාදනයට, අපනයන තරගකාරීත්වයට සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට එල්ල වූ දැවැන්ත අභියෝගයක් බවට පත්ව තිබේ. රටේ විශාලතම අපනයන ක්ෂේත්රය වන රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය මීට දැඩි ලෙස ගොදුරු වී ඇත්තේ අඩු ගෑස් පීඩනය, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ ප්‍රමාද වන නෞකා භාණ්ඩ ප්‍රවාහනය හේතුවෙනි.
ජූලි 21 වන දින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බංග්ලාදේශයේ පාවෙන ගෑස් ගබඩා සහ නැවත වායු බවට පත්කිරීමේ ඒකක දෙකෙන් එකක් (FSRU) අක්‍රිය වීමත් සමඟ මෙම අර්බුදය තවදුරටත් උග්‍ර විය. මෙම බිඳවැටීම නිසා ජාතික ගෑස් සැපයුම දිනකට ඝන අඩි මිලියන 450 කින් එනම්, සමස්ත සැපයුමෙන් 17% කින් පමණ පහත වැටුණි. සම්පූර්ණ සැපයුම ඇනහිටිනවා වෙනුවට, කර්මාන්තශාලා වෙත ලැබෙන ගෑස් පීඩනය අස්ථාවර වීම සහ අවම වීම නිසා සාමාන්‍ය නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම දැඩි ලෙස අභියෝගයට ලක්ව ඇත.
රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය සඳහා ගෑස් පරිමාව මෙන්ම එහි නිසි පීඩනය පවත්වා ගැනීමද එකසේ වැදගත් වේ. නූල් කැපීම, රෙදි වියමන, සායම් පෙවීම, නිමවුම් සහ සේදීම් කටයුතු යන සියල්ලම එකදිගට ලැබෙන ස්ථාවර ගෑස් සැපයුමක් මත පදනම් වේ. කුඩා සැපයුම් බිඳවැටීමකින් පවා නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී, යන්ත්‍රසූත්‍රවලට හානි සිදු වෙමින් අපතේ යන ප්‍රමාණය ඉහළ යයි.
බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ (BGMEA) සභාපති මහමුද් හසන් ‘ටෙක්ස්ටයිල් ටුඩේ’ වෙත පවසා සිටියේ, පවතින ගෑස් අර්බුදය හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්රයට ආසන්න මූල්‍ය අලාභ මෙන්ම ඉතා බරපතල දීර්ඝකාලීන අහිතකර බලපෑම් ඇතිවන බවයි.
ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, සාමාන්‍යයෙන් දිනකට පැය 10–11 ක් ක්‍රියාත්මක වන කර්මාන්තශාලාවකට, ප්‍රමාණවත් ගෑස් සැපයුමක් නොමැති වීම නිසා දැනට වැඩකිරීමට හැකිව ඇත්තේ එකී කාලයෙන් අඩක් පමණක් බවයි.
නිෂ්පාදනය ඇනහිටින ඉතිරි කාලය සඳහාද පූර්ණ ශ්‍රම පිරිවැය සහ ස්ථාවර අතිරේක වියදම් දැරීමට සිදුවන බැවින් කර්මාන්තශාලාවල පාඩුව වේගයෙන් ඉහළ යයි. මෙම තත්ත්වය දින හතක් පැවතුනහොත්, වෙනත් අතුරු බලපෑම් සලකා බැලීමටත් පෙර, එක් කර්මාන්තශාලාවකට පමණක් බංග්ලාදේශ ටාකා මිලියන 7 ක පමණ මෙහෙයුම් අලාභයක් සිදුවිය හැකි යනුවෙන් ඔහු සඳහන් කළේය.
නිෂ්පාදන ප්‍රමාදයන් නිසා නියමිත වේලාවට භාණ්ඩ යැවීමට නොහැකි වන අතර, ඇණවුම්කරුවන්ට දුන් පොරොන්දු ඉටුකිරීම සඳහා අධික පිරිවැයක් දරමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා භාවිත කිරීමට නිෂ්පාදකයින්ට සිදුවේ. එවැනි අවස්ථාවකදී එකී අලාභය ටාකා මිලියන 7 සිට ටාකා මිලියන 70 දක්වා ඉහළ යා හැක. තවද, මෙම ප්‍රමාදයන් හේතුවෙන් යම් හෙයකින් ඇණවුම් අවලංගු වුවහොත්, සිදුවන මූල්‍ය හානිය ටාකා මිලියන 200 ක් තරම් ඉහළ අගයක් ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart