August 5, 2026

රාජපක්ෂ පවුල නඩුවල සංකේතයක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින්, එම පවුලේ සෑම සාමාජිකයකුටම පාහේ අධිකරණ හමුවේ නඩු පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.

රාජපක්ෂ පවුලේ දේශපාලන භාවිතය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු පෙන්වා දුන්නේ, ලෝකයේ වෙනත් කිසිදු දේශපාලන පවුලක මෙවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි.

“රාජපක්ෂ කියන්නේ ලෝකයේ තියෙන විශේෂම පවුලක්. නාමල් රාජපක්ෂට නඩු තියෙනවා, එයාගේ තාත්තට නඩු තියෙනවා, අම්මට නඩු තියෙනවා, ලොකු අයියාට, පොඩි මල්ලීට, මාමාට, බාප්පාට, නෑනලාට, මස්සිනාලාට විතරක් නෙවෙයි ආච්චිට පවා නඩු තියෙනවා. මුළු පවුලම නඩුවලින් වටවෙලා ඉන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

තමන්ගේ පවුල මෙවැනි තත්ත්වයකට ඇද නොදමා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ලෝකය පුරා ඇති පාසල්වල ඉගැන්වීම සඳහා නිදසුනක් ලෙස මෙම පවුල යොදාගත හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.