August 5, 2026

රත්මලාන, ඥාණේන්ද්‍ර පාරේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් අතේ බෝම්බ දෙකක් දමාගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කළේ දමන ලද බෝම්බ දෙකෙන් එකක් පිපිරී ගොස් ඇති අතර, සිද්ධියෙන් කිසිදු පුද්ගලයකුට තුවාල සිදුව නොමැති බවයි.

අනෙක් අතේ බෝම්බය සොයාගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට සහ ප්‍රහාරයට හේතුව අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.