
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට විකල්ප විසඳුමක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ (House Arrest) රඳවා තැබීම සඳහා වූ නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හෝ බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිත අතර, ඒ සඳහා මුලින් ලැබුණු ප්‍රතිපත්තිමය අනුමැතිය මත නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබිණි.
එලෙස සකස් කරන ලද කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට 2025 ජූනි 23 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.
එම සමාලෝචනයෙන් පසුව, අදාළ පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු නව විධිවිධාන කිහිපයක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, එම නව විධිවිධාන ද ඇතුළත් කරමින් පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart