August 4, 2026

ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ අතිසාර්ථකම නායකයෙක් වන MS දෝනි කියන්නේ ක්‍රිකට් වලට විතරක් නෙවෙයි, අධිවේගී සුපිරි මෝටර් සයිකල් (Superbikes) වලටත් කොච්චර පිස්සු වැටිලා ඉන්න කෙනෙක්ද කියලා එයාගේ ෆෑන්ස්ලා හොඳටම දන්නවා. ඔන්න ඉතින් පසුගිය සඳුදා දෝනි ආයෙමත් වතාවක් මුළු සෝෂල් මීඩියාම උඩුයටිකුරු කරන්න සමත් වුණා.

ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, චෙන්නායි ආසන්නයේ පිහිටි ප්‍රකට ‘මැඩ්රාස් ඉන්ටර්නැෂනල් සර්කිට්’ (Madras International Circuit) ධාවන පථයේදී සුපර්බයික් එකක් පදිමින් ලොකු ස්පීඩ් එකකින් ධාවනය වන වීඩියෝ සහ ඡායාරූප රැසක් අන්තර්ජාලයට එක්වීමත් එක්කයි.

ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් දෝනි මෙලෙස අධිවේගී ලෙස ධාවන පථය වටා රවුම් කිහිපයක් ගොස් තිබෙන්නේ, අදාළ සමාගමේ නවතම මෝටර් සයිකල් ටයර් පරීක්ෂා කිරීම සඳහායි. ධාවන පථයේදී දැක්වූ අතිශය දක්ෂ සහ නිර්භීත ධාවන විලාසයෙන් පසුව ඔහු අදාළ සමාගමේ නිලධාරීන් සහ පාර්ශවකරුවන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

අවුරුදු 40 පහු වුණත් තාමත් තරුණයෙක් වගේ කිසිම බයක් නැතුව සූපර්ර්බයික් එකක නැගලා ට්‍රැක් එකේ අධිවේගයෙන් පැද්ද දෝනිගේ මේ අලුත්ම වීඩියෝ එක දැකලා එයාගේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් නම් ඉන්නේ අතිශයින්ම උද්දාමයට පත්වෙලා. “ක්‍රිකට් පිටියේ විතරක් නෙවෙයි, ට්‍රැක් එකෙත් තලපති දෝනිම තමයි” කියලා තමයි හැමෝම සෝෂල් මීඩියා වල කමෙන්ට් කරන්නේ.