
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව වඩාත්ම සම්භාවනීය සහ විශ්වාසනීය ආහාර හා පාන වර්ග ඇගයීමේ සම්මාන උළෙලක් වන Great Taste Awards හිදී ශ්‍රී ලාංකේය සමාගම් තුනක් වන Gralgo From Ceylon, Planet’s Finest සහ Ceylbee International යන සමාගම් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ජයග්‍රාහී සමාගම් වෙත සිය සුභපැතුම් පිරිනමන අතර, මෙම සමාගම් තුනම එක්සත් රාජධානියේ රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන UK Trade Partnerships (UKTP) වැඩසටහන හරහා සහාය ලබන ආයතන බව ද සඳහන් කළේය.
මෙම ජයග්‍රහණය එම සමාගම්වල වර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම, එක්සත් රාජධානියේ පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකේය නිෂ්පාදන ලබා දීමට ඔවුන් දක්වන කැපවීම පිළිබඳ මනා සාක්ෂියක් ලෙස ද පැසසුමට ලක්විය.
Great Taste සම්මාන සඳහා නිෂ්පාදන ඇගයීමට ලක් කරන්නේ වෙළඳ නාමය, ඇසුරුම්කරණය හෝ මිල ගණන් පදනම් කරගෙන නොව, රසය පමණක් පදනම් කරගනිමින් සිදුකෙරෙන අතිශය අපක්ෂපාතී සහ දැඩි ‘Blind-tasting’ (වෙළඳ නාමය සඟවා රස බැලීමේ) ක්‍රියාවලියක් මගිනි.
ඉදිරිපත් වන සියලුම නිෂ්පාදන අතුරින් තාරකාවක් (Star) හිමිවන්නේ තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයකට වන අතර, එම නිසා මෙම සම්මානය විශිෂ්ට තත්ත්වයේ සලකුණක් මෙන්ම අන්තර්ජාතික මට්ටමින් ප්‍රසිද්ධියක් ලබාගැනීමට ලැබෙන ප්‍රබල පිටුවහලක් ද වේ.
මෙවර සම්මාන උළෙලේදී සාර්ථකත්වයක් අත්කරගත් අනෙකුත් ශ්‍රී ලාංකේය සමාගම් වෙත ද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සිය සුභපැතුම් එක් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart