
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඉතියෝපියාවට ගෙන ගොස් සිදුකළ ජාවාරමකට සහ පැහැරගැනීමකට සම්බන්ධ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ උපදෙස් මත ඩුබායි හරහා ඉතියෝපියාවට ගිය මෙම පුද්ගලයන් තිදෙනා, විදේශීය සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ඉතියෝපියාවේදී පැහැරගෙන ඇති අතර ඒ පිළිබඳව මැයි 27 වනදා පැමිණිලි කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විදේශ රැකියා ජාවාරම්, ජාවාරම් විමර්ශන සහ සාගර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ විදේශ රැකියා ලබාදීම සඳහා මෙම සැකකරු වින්දිතයන්ගෙන් රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවයි.
තවද, පැහැරගත් අය මුදාගැනීමට අවශ්‍ය බව පවසමින් වින්දිතයන්ගේ ඥාතීන්ගෙන් ද රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් මොහු විසින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.
මෙම පැහැරගැනීමට වගකිවයුතු විදේශීය කල්ලිය සහ සැකකරු අතර පැහැදිලි සබඳතා පැවැති බව ද පරීක්ෂකයන් විසින් සොයාගෙන ඇත.
සැකකරු නෙඩුන්කේණි ප්‍රදේශයේ සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අඩිස් අබාබා හි පොලිසිය සහ අදාළ රාජ්‍යතාන්ත්‍රික බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් වින්දිතයන් මුදාගැනීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ජූනි 06 වනදා ඉතියෝපියානු බලධාරීන් විසින් මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා බේරාගත් අතර, සිද්ධියට සම්බන්ධ පාකිස්තානු ජාතිකයන් සිවුදෙනෙකු සහ ඉතියෝපියානු ජාතිකයකු අත්අඩංගුවට ගන්නා ලදී.
යාපනය, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 ත් 34 ත් අතර වයස්වල පසුවන මෙම වින්දිතයන් තිදෙනා අගෝස්තු 1 වනදා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනිණි.
මෙම සිද්ධියට සම්බන්ධ විදේශීය සංවිධානාත්මක අපරාධ ජාලය සමඟ සැකකරු සතු සබඳතාවල සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart