
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ හයක නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත. ඉලංකෙයි තමිල් අරසු කච්චි, ලංකා කම්කරු කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය සහ ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල නියෝජිතයෝ මෙයට එක්වූහ.
මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ අභියෝග මෙන්ම උතුර, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ ජනතාව මුහුණ දෙන ඉඩම් හා නිවාස ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමුවිය. සීමානීර්ණ කොමිෂන් සභාව දැනටමත් පත්කර ඇති බවත්, ඉදිරියේදීත් මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි මහලේකම් එම්.ඒ. සුමන්තිරන් පෙන්වාදුන්නේ, ව්‍යවස්ථා සංශෝධන හදිසි පියවරක් ලෙස නොව පුළුල් සමාජ සංවාදයක් ඔස්සේ සිදුවිය යුතු අතර අතීතයේ මෙන් පක්ෂපාතී ලෙස ව්‍යවස්ථා හඳුන්වාදීම නොකළ යුතු බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා, වහා කෙරෙන සංශෝධනවලට වඩා සියලු ජාතීන් එකතු කරන මහජන සම්මුතියක් ගොඩනැගීම වැදගත් වන බව පැවසීය.
වතුකරයේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ වී. රාධක්‍රිෂ්ණන්, වතු කම්කරුවන්ට පර්චස් 10 ක ඉඩම් අයිතිය නීත්‍යානුකූලව ලබාදීමට රජය ගෙන ඇති යෝජනාව ඇගයීමට ලක්කළේය. 2042 ට පෙර වතු සමාගම් සමඟ ඇති ගිවිසුම් අලුත් කිරීමේදී මෙම නීතිමය ඉඩම් අයිතිය ඇතුළත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.
මීට අමතරව, යුද්ධයෙන් අවතැන්වූවන් සඳහා 2027 සහ 2028 අයවැය යටතේ අදියර දෙකකින් නිවාස 13,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, පුරාවිද්‍යා, වන සංරක්ෂණ සහ මහවැලි අධිකාරිය වැනි ආයතනවල පැරණි ප්‍රතිපත්ති හේතුවෙන් උතුර සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(ජනාධිපති මාධ්‍ය අංශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart