
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු 15 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට අහිමි වන බව වාර්තා වේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී සිදුකරන ලද මූලික වෛද්‍ය පරීක්ෂණවලදී, 32 හැවිරිදි බුම්රාගේ වම් දණහිසේ ආබාධ තත්ත්වය තවදුරටත් පවතින බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, ඔහුව කඩිනමින් නැවත තරග සඳහා යොමු කිරීම අවදානම් සහගත බැවින් පූර්ණ සුවය ලබන තෙක් විවේක ගැන්වීමට බලධාරීන් තීරණය කර ඇත.
T 20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන භාගයේදී ඇති වූ මෙම දණහිසේ ආබාධය සඳහා බුම්රාට පසුගිය මාසයේදී විශේෂ ඖෂධ එන්නත් කිරීමක් සිදුකළ අතර, ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගතවන බව පෙනීගොස් ඇත.
කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඔහුව කණ්ඩායමට එක්කර ගැනීමට මීට පෙර සාකච්ඡා පැවැත්වුවද, අවදානමක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම අකමැති වී තිබේ.
“මීට පෙර ක්‍රීඩකයින් පූර්ණ සුවය ලැබීමට පෙර හදිසියේ තරග සඳහා යොමු කිරීමෙන් නැවත ආබාධයන්ට ලක්වූ අවස්ථා තිබෙනවා. බුම්රා වැනි ක්‍රීඩකයකු සම්බන්ධයෙන් එවැනි අවදානමක් ගන්න බැහැ. ආසියානු ක්‍රීඩා උළෙල, නවසීලන්ත සංචාරය සහ ලබන වසර මුලදී පැවැත්වෙන බෝඩර්-ගවස්කාර් තරගාවලිය ඇතුළු ඉදිරියට විශාල තරග ප්‍රමාණයක් පවතින බැවින් ඔහුගේ පූර්ණ සුවය ප්‍රමුඛතාවයි,” යනුවෙන් අභ්‍යන්තර ආරංචි මාර්ගයක් පවසයි.
ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට බුම්රා ඇතුළත් කර තිබුණේ ශාරීරික යෝග්‍යතාව තහවුරු කිරීමේ කොන්දේසියට යටත්වය.
ඒ අනුව අජිත් අගාර්කාර්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ඔහු වෙනුවට ආදේශකයෙකු නම් කිරීමට නියමිතය.
ජම්මු සහ කාශ්මීර කණ්ඩායම නියෝජනය කරන 29 හැවිරිදි ඕකිබ් නබී මෙලෙස බුම්රා වෙනුවට කණ්ඩායමට ඇතුළත් වීමේ ප්‍රමුඛයා ලෙස සැලකේ.
ඔහු පසුගිය මාසයේ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් තරග දෙකකදී කඩුලු 6ක් දවාගැනීමට සමත් විය.
ඉන්දීය සංචිතයේ වේගපන්දු බලඇණිය ලෙස දැනට මොහොමඩ් සිරාජ්, ගුර්නූර් බ්‍රාර් සහ ප්‍රසිද් අයිනා කටයුතු කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart